මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ලේ පසුගියදා ඇතිවූ ජල කාන්දුව සම්පූර්ණයෙන්ම අද (14) දින වනවිට අවසන් කළ බව ජලාශ එහි සවිකොට තිබූ ආරක්ෂිත යකඩ වැට ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. 

මොරගහකන්ද ජලාශයේ උපරිම ජල ධාරිතාවයෙන් සියයට 97.6 ක ජල ධාරිතාවක් මේ වනවිට පවතින බව ජලාශ භාර ඉංජිනේරු පී .එස් .බණ්ඩාර මහතා පවසයි.

නියඟයෙන් පීඩා විඳින කවුඩුල්ල ජලාශය යටතේ ගොවිතැන් කරන ගොවීන්ට මොරගහකන්ද ජලාශයෙන් කවුඩුල්ල ගොවි ජනපද ව්‍යාපාරයට ජලය මුදා හැරීමට ඊයේ සිට පියවර ගෙන තිබේ.

මොරගහකන්ද මහා වාරි ව්‍යාපෘතියට අයත් අනෙක් මහා ජලාශය වූ කළු ගඟ ජලාශයේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර ලබන මාසය වන විට එහි පූර්ණ ප්‍රතිලාභ ගොවි ජනතාවට ලබාදිය හැකි බව ජනාධිපතිතුමා පවසයි.

මොරගහකන්ද,කළුගඟ ව්‍යාපෘතිය දායාද කිරීමට කැපවූවන් අගය කරමින් ප්‍රශස්ථ සේවා ඇගයීම් සහතික ප්‍රදානය ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයේන අද සිදු කෙරේ.

මොරගහකන්ද ජාලශයේ වාන් දොරටු විවෘත කිරීම, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණි.

මොරගහකන්ද ජාලශයේ වාන් දොරටු විවෘත කිරීම, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට සිදු කිරීමට නියමිත බව, ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරී පී.ජී.දයානන්ද මහතා පවසයි.

Latest News