මොරගහකන්දෙන් කවුඩුල්ල ගොවීයන්ට ජලය

ජූලි 27, 2019

    නියඟයෙන් පීඩා විඳින කවුඩුල්ල ජලාශය යටතේ ගොවිතැන් කරන ගොවීන්ට මොරගහකන්ද ජලාශයෙන් කවුඩුල්ල ගොවි ජනපද ව්‍යාපාරයට ජලය මුදා හැරීමට ඊයේ සිට පියවර ගෙන තිබේ.

    ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් වාරිමාර්ග නිලධාරීන්ට දුන් උපදෙන් මතයි. මේ වන විට කවුඩුලුවැව ව්‍යාපාරය යටතේ කුඹුරු අක්කර 13,500කට ජලය ලබාදීමට නොහැකිවීමෙන් ගොවීන් දැඩි දුෂ්කරතාවට පත්ව තිබේ.

    මේ වන විට කවුඩුලු වැවේ පහළ බැස ඇති ජල ධාරිතාවය අක්කර අඩි 5,000කින් ඉහළ නැංවීම සඳහා මොරගහකන්ද ජලාශයෙන් ජලය ලබාගෙන ඇලහැර අමුණ හරහා යෝධ ඇලෙන් මින්නේරිය වැවට ජලය මුදා හැර තිබේ. ඊයේ සිට කවුඩුල්ල වැවට එම ජලය ලැබෙමින් පවතියි. මින් දිනකට මින්නේරිය අගලවානෙන් ජලය අක්කර අඩි 400ක් කවුඩුල්ල වැව සඳහා නිකුත් කරමින් හිඟවී ඇති ජල ධාරිතාව සම්පූර්ණ කෙරේ. මෙම වසරේ යල කන්නය තුළ වෙනත් කන්නවලට වඩා වගා නොකරන බිම් ද සම්පූර්ණයෙන් වගා කිරීම හේතුවෙන් කවුඩුලු වැව ව්‍යාපාරයේ ගොවීන් මෙම ජල හිඟයට මුහුණ පා තිබේ.

    Last modified on සෙනසුරාදා, 27 ජූලි 2019 11:53

    Latest News