මොරගහකන්දේ 97.6%ක ජල ධාරිතාවක්..

දෙසැ 23, 2019

    මොරගහකන්ද ජලාශයේ උපරිම ජල ධාරිතාවයෙන් සියයට 97.6 ක ජල ධාරිතාවක් මේ වනවිට පවතින බව ජලාශ භාර ඉංජිනේරු පී .එස් .බණ්ඩාර මහතා පවසයි.

    අඹන්ගඟ හරහා මොරගහකන්ද ජලාශයට මේ දිනවල විශාල ජල ප්‍රමාණයක් ලැඹෙමින් පවතින බවද මේ වන විට ජලාශයේ මුහුදු මට්ටමේ සිට 184 . 55 ක ජල ධාරිතාවක් පවතින බවත් මුහුදු මට්ටමේ සිට ජලාශයේ උපරිම ජල ධාරිතාවය 185 බව කාර්යභාර ඉංජිනේරු පී. එස් .බණ්ඩාර මහතා සඳහන් කළේය.

    මොරගහකන්ද ජලාශයේ දර්ශනය විනාඩි කිහිපයෙන් කිහිපයට පරිසර ස්වභාවය වෙනස්වීම මේ දිනවල දැක ගැනීමට හැකිව පවතී.නැරඹුම් මධ්‍යස්ථානයේ විනාඩි පහෙන් පහට මීදුම, වර්ෂා සහ අව්රශ්මිය ආදී වෙනස් වීම් රැසක් එක දිගට දර්ශනය වීම ද විශේෂත්වයකි. මොරගහකන්ද ජලාශය නැරඹීම සඳහා විශාල පිරිසක් මේ දිනවල පැමිණෙමින් සිටිති.

    තවදුරටත් වර්ෂාව පතිත වුවහොත් හා බෝවතැන්න ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමෙන් පසු අඹන්ගඟ හරහා මොරගහකන්ද ජලාශයට ජලය ලැබුනහොත් ස්වංක්‍රීයව වාන් දොරටු විවෘත වීම සිදුවන බවද ඇතැම්විට ස්වංක්‍රීයව වාන් දොරටු විවෘත කිරීමට පෙර විදුලි උත්පාදන සොරොව්වෙන් ජලය ඉවත් කිරීමට හැකියාව පවතින බව 0 කාර්යභාරය ඉංජිනේරු පී .එස් .බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    Last modified on සදුදා, 23 දෙසැම්බර් 2019 09:14

    Latest News