Update : CIDයට පැමිණි රාජිත පැය 4කට පසු පිටව යයි (වීඩියෝ)

ජන 14, 2020
  • හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශයක් ලබාදීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි.

    සේනාරත්න මහතා ප්‍රකාශය ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැය 4කට ආසන්න කාලයක් ගත කළ බව ද වාර්තාවේ.

    ප්‍රකාශයක් ලබාදෙන්න රාජිත CIDයට - (14:45)

    පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද (14) දහවල් 12.00 ට පමණ ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

    රක්ෂිත බන්ධනාගාර ගතව සිටි රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදෙමින් අධිකරණය සඳහන් කර සිටියේ රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව යාමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි.

    ඒ අනුව ඊයේ (13) රාත්‍රී රෝහලෙන් පිටව යාමෙන් අනතුරුව රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

    Last modified on අඟහරුවාදා, 14 ජනවාරි 2020 20:05

    Latest News