Update : රන්ජන් රාමනායක CCD අත්අඩංගුවට (වීඩියෝ)

ජන 14, 2020
  • Update - කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාව අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ රන්ජන් රාමනායක මහතාගේ මාදිවෙල පිහිටි නිවසේදීය. අධිකරණය හා විනිසුරුවරුන්ගේ රාජකාරිවලට මැදිහත්වීම සම්බන්ධයෙන් අධිකරණ වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයට අද පස්වරුවේ උපදෙස් දෙනු ලැබීය. ඒ අනුව කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් නුගේගොඩ, ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් රන්ජන් රාමනායක මහතාව අත්අඩංගුවට ගැනිමට අවශ්‍ය අධිකරණ වරෙන්තුව ලබාගත්තේය.


    පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සන්තකයේ තිබු බව කියවෙන දුරකතන සංවාද ඇතුළත් හඬපටවල අධිකරණයේ ඇතැම් විනිසුරුවරුන් සමඟ සංවාද ඇති බවත්, එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වීමක් සිදුව ඇතැයි ද නීතිපති පවසයි.

     

    රන්ජන්ව අත්අඩංගුවට ගැනීමට ගංගොඩවිල අධිකරණයෙන් වරෙන්තුවක් - (17:10)

    Update - කොළඹ අපරාධ කොට්ඨාසයේ කරුනු දැක්විම මත පා.ම රන්ජන් රාමනායකව අත්අඩංගුවට ගැනීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා වරෙන්තුවක් නිකුත් කරයි. 

    රන්ජන් අත්අඩංගුවට ගැනීමට CCDයට උපදෙස් (15:13)

    අධිකරණයේ කටයුතුවලට මැදිහත්වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ වරෙන්තුවක් ලබාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාව අත්අඩංගුවට ගැනීමට නීතිපති විසින් කොළඹ අපරාධ පොලිස් කොට්ඨාශයට උපදෙස් ලබා දී තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සන්තකයේ තිබී සොයා ගනු ලැබු හඩ පට ඇතුළත් සීඩී තැටි මගින් විවිධ අධිකරණවල සහ විනිසුරුවන්ගේ නම් අනාවරණය වී ඇත.  ඒ අනූව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 සී (2) වගන්තිය උල්ලංඝණය වී ඇතැයි නීතිපති දප්පුල ලිවේරා මහතා කියා සිටියි.   

    Last modified on අඟහරුවාදා, 14 ජනවාරි 2020 20:14

    Latest News