Update - සුදුවෑන් සාකච්ජාවට CID අත්අඩංගුවට පත් 'රූමි' ලබන 06 දක්වා රිමාන්ඩ් (වීඩියෝ)

දෙසැ 31, 2019
  • සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ජාවේ සැකකරුවන්ට මුදල් දුන්නැයි CIDය මගින් අත්අඩංගුවට ගත් රූමි මොහොමඩ් ජනවාරි 6 දක්වා රිමාන්ඩ්

    සුදුවෑන් සාකච්ජාවට CID අත්අඩංගුවට පත් 'රූමි' අධිකරණයට - (15:55)

    සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ජාවේ සැකකරුවන් 2ට මුදල් ලබාදුන්නැයි සැකපිට CIDය මගින් අත්අඩංගුවට ගත් රූමි මොහොමඩ් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරේ.

    සුදුවෑන් සාකච්ජාවට මුදල් දුන් 'රූමි' CID අත්අඩංගුවට - (11:15)

    සුදුවෑන් සම්බන්ධ ප්‍රවෘත්ති සාකච්ජාවේ සැකකරුවන් දෙදෙනාට මුදල් ලබාදුන්නේ යැයි කියන රූමි මොහොමඩ් නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරවීමට පැමිණි අවස්ථාවේ දී අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ප්‍රශ්නගත මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ 10 බැගින් ලක්ෂ 20ක  මුදලක් ලබා දුන් බව කියන මොහොමඩ් රූමි මොහොමඩ් හසීම් නමැත්තා ද මේ වන විට අතුරුදන්ව සිටින බව ඊයේ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට ප්‍රකාශ කළේය.

    අනතුරුව ඔහුගේ නිවසට ගොස් විමසීම් කළ අවස්ථාවේ ඔහු සිටින ස්ථානය නොදන්නා බවට ඔහුගේ බිරිඳ විසින් ප්‍රකාශ කර ඇතැයි ද ප්‍රකාශ කළේය.

    මේ හේතුවෙන් මොහොමඩ් රූමි නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර ලෙසත් ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එහෙත් එම ඉල්ලීම මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කළ අතර මොහොමඩ් රූමි නැමැත්තාගේ විදේශ ගමන් තහනම් කිරීමට පියවර ගන්නා ලෙස මහෙස්ත්‍රාත්වරිය විසින් ආගමන හා විගමන පාලකවරයාට නියම කරන ලදී.

    ඒ අනුව ආචාර්ය රූමි මොහොමඩ් මහතා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඒ පැමිණීමෙන් පසු හෙළිවූ කරුණු අනූව ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගනු ලැබිණ. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම ආරම්භ කර ඇති අතර ඉන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    ආචාර්ය රුමි මොහොමඩ් මහතා පසුගිය රජය සමයේ ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

     

     

    Last modified on අඟහරුවාදා, 31 දෙසැම්බර් 2019 20:14

    Latest News