වෙබ් මාධ්‍යවේදියෙකු පැහැරගැනීමක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා රාජිත සේනාරත්න සහ චතුර සේනාරත්න යන අය කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවා තිබිණ.

සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ජාවේ සැකකරුවන්ට මුදල් දුන්නැයි CIDය මගින් අත්අඩංගුවට ගත් රූමි මොහොමඩ් ජනවාරි 6 දක්වා රිමාන්ඩ්

රාජිත සේනාරත්න මහතා ආණ්ඩුවේ සිටියදි බොහෝම ශක්තිමත්ව මහින්ද රාජපක්ෂ මහතාට ජම්පරය අන්දවන්න සුදානම් සිටි බව රාජය අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාව තවදුරටත් එම රෝහලේ තැබිමට බන්ධනාගාර පාලන අධිකාරිය තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ වරෙන්තු යළි කැඳවන්නැයි ඔහුගේ නීතීඥයින් කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ආන්දෝලනාත්මක සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය හමුවක් පවත්වමින් අසත්‍ය ප්‍රචාරයන් සිදු කළ සැකකරුවන් දෙදෙනා ලබන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද නියෝග කළේය.

ආන්දෝලනාත්මක සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය හමුවක් පවත්වමින් අසත්‍ය ප්‍රචාරයන් සිදු කළ බවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් දෙදෙනා අද 27 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Up Date -  ඉකුත් ජනාධිපතිවරණය සමයේ සිදු කෙරුණු සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් නියම කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අද සවස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට නැවතත් අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කෙරිණ. රහස් පොලිසියේ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (19) ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත අද (20) සලකා බැලීමට නියමිතයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා විසින් පොලිස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අද (13) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

Latest News