වනඅලි පහරදීමකින් පුද්ගලයෙකුට බරපතළයි

දෙසැ 31, 2019

    වැල්ලවාය,ආනපල්ලම තුනේ කණුව ප්‍රදේශයට කඩා වැදුණු වනඅලි එම ප්‍රදේශයේ නිවසකට අද (31) අලුයම පහරදී තිබේ.

    එම පහරදීමත් සමග නිවසේ සිටි පුද්ගලයා නිවසින් එළියට පැන දිවයෑමට උත්සහදරා ඇති අතර එම අවස්ථාවේ දී නිවස ඉදිරිපිට සිටි තවත් වන අලියෙකු මෙම පුද්ගලයාට පහරදී තිබේ.

    පසුව බරපතළ තුවාල ලැබූ එම පුද්ගලා වැල්ලවාය මූලික රෝහලට ඇතුළුත් කිරිමේන් අනතුරුව මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇත. මෙම ප්‍රදේශයට දිගින් දිගටම වන අලි තර්ජනය උග්‍රවී ඇති අතර ප්‍රදේශයේ නිවාස සහ වගා ඉඩම් රැසක්ද වන අලි විසින් විනාශ කර දමා ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

    මෙම අලිගැටලුවට කඩිනමින් විසදුමක් ලබාදෙන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

    20191231 093430 1

    20191231 093443

    20191231 093508

    20191231 093520

    20191231 093544

    20191231 093554

    Last modified on අඟහරුවාදා, 31 දෙසැම්බර් 2019 10:48

    Latest News