අගමැති නිවසට ගිනිතැබීම ගැන CID පරීක්ෂණයක් කැඳවයි

ජූලි 10, 2022

    ගිනිතැබීම සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලීසිය පවසනවා. ඊයේ රාත්‍රී සිදුවූ ගිනිතැබීමෙන්, නිවසට දැඩි හානි සිදුවුණා. සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ.

    ඊයේ සවස සිට රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස අසළ පැවතියේ උණුසුම්කාරී තත්වයක්. පිරිසක් එම ස්ථානයට රැස්වී වි‍රෝධතාවයේ නිරත විය.

    තත්වය පාලනය කිරිම සඳහා පොලීසිය අවස්ථා කිහිපයකදී කඳුළු ගෑස් ප්‍රහාර හා ජල ප්‍රහාර එල්ලකරනු ලැබීය.

    පැය කිහිපයක් පැවැති විරෝධතාව අතරතුර පොලීසිය හා විරෝධතාකරුවන් අතර උණුසුම් තත්වයක් ද හට ගැනිණ. මේ අතරතුර අග්‍රාමාත්‍යවරයාගේ නිවස ගිනි ගැනීමට ලක්වූ බවයි, වාර්තා වන්නේ.

    Latest News