ගාල්ල,බෙලිගහ ප්‍රදේශයේ ඉදිකෙරෙන,නව අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට, රජය තීරණය කර තිබේ.

ඉකුත් වසරේ බ්‍රිතාන්‍යයෙන් මෙරටට ආනයනය කරන ලද කැලිකසල අඩංගු බහලුම් ප්‍රවාහනය කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගයක් ඉවත් කරනවාද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය ලබන 04 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියෝග කළේය.

රුපියල් ලක්ෂ 10ක මුදලක් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් මේ වනවිට මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විභාගය ඔක්තෝබර් මස 05 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

ඉකුත්දා පැහැරගෙන යාමට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිළධාරිනී ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නමැත්තියගේ ජංගම දුරකථනය පිළිබදව රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව ලබා ගෙන ඉදිරි පරීක්ෂණ පවත්වා මාර්තු මස 31 වැනිදා එහි ප්‍රගතිය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද රහස් පොලීසියට නියෝග කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවේ විභාගය ලබන 25 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

ඇවන්ගාඩ් සමාගමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන අධිචෝදනා පත්‍රය නිෂ්ප්‍රභ කරන ලෙස විත්තිය විසින් ඉදිරිපත් කළ විරෝධතා පිලිබඳ නියෝගය ලබන 20 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කරයි.

බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමණායක මහතා කටහඩ පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා හමුවට අද ඉදිරිපත් කෙරිණ.

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අද දෙවන දිනයේත් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නාවික හමුදාපතිවරයා සහ වැඩබලන පොලිස්පතිවරයා මාර්ගයෙන් යළි සිතාසි නිකුත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියෝග කළේය.

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් මහතා ඇප මත මුදා හරින ලෙස ඔහුගේ නීතිඥවරු විසින් කරන ලද ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔහු ලබන 20වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අනිවාර්යය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කළේය.

Latest News