පාර්ලිමේන්තුව විසුරුවා හරමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ආපසු කැඳවීමට නීතිමය ප්‍රතිපාදන කිසිවක් නොමැති බව ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය.

මහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම අද 6 වැනි දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදු කෙරේ.

ජුනි මස 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරමින් නිකුත්කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද තෙවැනි දිනටත් ආරම්භ කෙරිණ.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ නාම යෝජනා අහෝසි කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට සීමිත විරෝධතා ඉදිරිපත් කරයි.

ජුනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට්නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිදුකෙරුණා.

ජුනි මස 20 වනදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම පිළිබඳ වැඩිදුර කරුණු විමසීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(19) සිදු කිරිමට නියමිතව තිබේ.

ඉදිරි මහ මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර අහෝසි කරන ලෙස මැතිවරණ කොමිසමට රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම‍ මේ මස 22 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ජුනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට්නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද පෙරවරුවේ ආරම්භ විය.

අත්අඩංගුට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු හතර දෙනෙකු විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාව අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු බලරහිත කරන ලෙස ඉල්ලා ඔහු විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම සළකා බැලීම සඳහා හෙට දින කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

Latest News