කුරුණෑගල නගරාධිපති ඇතුලු 5ක් අත්අඩංගුවට ගැනිමට වරෙන්තු

අගෝ 07, 2020

    කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

    නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ නීතිපතිවරයාගේ උපදෙස් මත වැඩබලන පොලිස්පතිවරයා විසින් අදාළ වරේන්තුව ලබාගෙන ඇති බවයි.

    පුරාවිද්‍යා වටිනාකමක් සහිත කුරුණෑගල බුවනෙක හෝටලය කඩා බැද දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙම සැකකරුවන්, අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා නියෝග කර තිබේ.

    Last modified on සිකුරාදා, 07 අගෝස්තු 2020 17:13

    Latest News