කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක්

අගෝ 25, 2020

    කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් නිකුත් කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

    ඒ අනුව වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝග මෙම පෙත්සම් විභාගය අවසන් වන තුරු බලපැවැත්වෙන බව විනිසුරු මඩුල්ල අවධාරණය කළේය.

    අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

    එහෙත් මෙම නියෝග තුළින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිසියට හෝ ඊට සහාය වන මහෙස්ත්‍රාත්වරයාගේ විමර්ශන කටයුතුවලට කිසිදු බාධාවක් නොමැති බව ද විනිසුරු මඩුල්ල අවධාරණය කළේය.

    Latest News