බදුල්ලට යන කෝච්චි පාරේ ගමන අවදානම්

දෙසැ 19, 2023

    හපුතලේ සහ දියතලාව අතර 155 ,1/4 ස්ථානයේ දුම්රිය මාර්ගයට අද (19) අලුයම පස් කන්දක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

    මේ හේතුවෙන් කොළඹ සිට බදුල්ල දක්වා පැමිණි රාත්‍රී තැපැල් දුම්රිය හපුතලේ දැක්වා පැමිණ නතර කෙරුණා.

    උඩරට මැණිකේ දුම්රිය සහ පොඩි මැණිකේ දුම්රිය අද දිනයේ ප්‍රමාද වී ධාවනය කිරීමට සිදු වූ බවයි, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

    පස්කන්ද නායයෑමෙන් අවහිර වූ දුම්රිය මාර්ගයෙන් පස් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර ඒ සඳහා තවත් පැය කිහිපයක් ගතවනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

    Latest News