ඇල්ලෙ ‍යනකොට පරිස්සමෙන්

ඔක් 16, 2023

    පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇල්ල වැල්ලවාය මාර්ගය හා ඒ අවට අතුරු මාර්ග ද බොහෝ අවස්ථාවන් වලදි දැඩි මීදුමකින් වැසි පවතින බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය සදහන් කරනවා.

    මෙම තත්ත්වය දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ ද පවතින බැවින් එම මාර්ග වල රිය පැදවීමේ දි මීදුම් සහිත තත්වයකදි අනුගමනය කල යුතු ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස ජනතාව දැනුවත් කරයි.

    ඒමෙන්ම වර්ෂාවත් සමග මාර්ග ලිස්සන සුලු බැවින් හා මාර්ගයට ගල් පෙරලිම් හා පස් කඳු කඩාවැටී තිබීමට හැකියාවක් පවතින බැවින් ප්‍රවේශමෙන් රිය ධාවනය කරන ලෙස අපදා කළමණාකරන ඒකකයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය රියදුරන් ගෙන් ඉල්ලා සිටිනවා.

     

    Latest News