කැලණි සරසවියේ ඉතුරු පීඨ දෙකත් ඇරේ

දෙසැ 18, 2023
    කැලණිය විශ්වවිද්යාලයේ වසා දමා තිබූ සෙසු පීඨවල අධ්යයන කටයුතු අද (18) සිට සම්පුර්ණයෙන්ම ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

    ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකුට විශ්වවිද්යාල සිසුන් පිරිසක් පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමින් ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් පසුගිය 5 වැනිදා කැලණිය විශ්වවිද්යාලය අධ්යයන කටයුතු සඳහා තාවකාලිකව වසා දැමුණා.

    කෙසේ වෙතත්, පසුගිය සඳුදා දිනයේ විශ්වවිද්යාලයේ විද්යා පීඨය, පරිගණක හා තාක්ෂණය පීඨය, වාණිජ හා කළමනාකරණ පීඨයේ අධ්යයන කටයුතු ආරම්භ කෙරුණු අතර, සෙසු පීඨ දෙකේ අධ්යයන කටයුතුද අද ආරම්භ කිරීමට නියමිතයි.

    Latest News