කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් 12ක් දෙනා අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 20 දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මාතලේ මහ නගරසභාවේ නගරාධිපති ධල්ජිත් අළුවිහාරේ හා ඔහුගේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැල්ලවාය, ඌව කුඩාඔය, තෝආර ප්‍රදේශයේ ඉත්තෑමස් සමග පුද්ගලයන් දෙදෙනකු කුඩාඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ආගමන - විගමන නීති උල්ලංඝනය කරමින් වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටි විදේශිකයින් 05දෙනෙක් ඉයේ(05) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර කාන්තාවන් දෙදෙනක් ද වන බව පොලිසිය පැවසීය.

මත්ද්‍රව්‍ය රැගෙන සිරිපා වන්දනාවේ පැමිණි තරුණයන් පස් දෙනෙක් හැටන් පොලිස් කොට්ටාශ දූෂණ මර්දන ඒකකය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රිකුණාමලය බැක් බේ මුහුදු ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස කටයුතු කරනු ලබන පුදගලයෙකු නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසෙල්ගමුව ඔයේ ඇල මාර්ගයක අනවසරයෙන් මැණික් ගැරූ 7 දෙනෙකු අද උදේ සැකපිට අත්අඩංගුවට ගැනිණ.

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සොයාගනු ලැබූ ටොන් 9ක කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රාජසන්තක කර තිබේ. කොකේන් තොගය, අමෙරිකානු ඩොලර් මිලියන 312ක් පමණ වන බවයි, වාර්තා වන්නේ.

නෝටන්බ්‍රිජ්, ලක්ෂපාන, පතනහේන ප්‍රදේශයේ ගෙවත්තේ තිබු විශාල වල්ලපට්ටා ගසක් කපා කොටස් කර අලෙවි කිරීමේ දී සැකකරු හා වල්ලපට්ටා තොගය අත්අඩංගුවට ගෙන තිබේ. තවත් කිලෝ 15 ½ ක් අලෙවි කිරිමට සුදානම් කර තිබූ බවයි පොලීසිය පවසන්නේ.

Latest News