හෙරොයින් ජාවාරමට තවත් පුද්ගලයින් 4ක් අත්අඩංගුවට

ජන 24, 2020

    හෙරොයින් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 4 දෙනෙකු දිවයිනේ විවිධ ප්‍රදේශවල මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය සඳහන් කළේ, කැකිරිව ඇඹුල්ගස්වැව ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 13 යි මිලිග්‍රෑම් 480 ක් සමග 21 සහ 24 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    මේ අතර හෙරොයින් ග්‍රැම් 2 යි මිලිග්‍රෑම් 400 ක් සමග රත්මලාන බෙලෙක්කඩේ හංදියේදී 35 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    නිට්ටඹුව කන්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් 46 හැවිරිදි සැකකරුවෙකු සතුව තිබී සොයා ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 260කි.

    Latest News