Update : වාලච්චේන පොලිස් සැරයන් ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

පෙබ 07, 2020

    වාලච්චේන පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද මඩකලපුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

    පොලිස් නිලධාරියා ඝාතනයට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට - (12:00)

    වව්නතිව්,අයිත්තියමලය, මූණරකට්ට ප්‍රදේශයේ දී පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    අවුරුදු 31 හා 38 වයස්වල පසුවන ඔවුන් අයිත්තියමල හා නාවක්කාඩු ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි. මෙම සැකකරුවන් මියගිය පොලිස් සැරයන්වරයාට අයත් ඉඩමක් තුළ මත්පැන් පානය කරමින් සිට ඇති අතර එම අවස්ථාවේ පොලිස් සැරයන්වරයා හා සැකකරුවන් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම මෙම ඝාතනයට හේතුවී ඇති බව විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

    සැකකරුවන් අද දින (07) මඩකලපුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. වව්නතිව් පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on සිකුරාදා, 07 පෙබරවාරි 2020 15:32

    Latest News