හෙරොයින් සමග දෙදෙනෙක්ට පිටකොටුවේ දී මාංචු

ජන 22, 2020

    පිටකොටුව,රෝහිණී පටුමගේ දී හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 66ක් සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනිණ.

    වැටලීම සිදුකළේ පිටකොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. සැකකරුවන් වයස අවුරුදු 32,50 වයස්වල පසුවන අම්බලන්ගොඩ,පිටකොටුව පදංචිකරුවන්. ඔවුන් අද දින (22) මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    පිටකොටුව පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

     

     

    Last modified on බදාදා, 22 ජනවාරි 2020 08:11

    Latest News