කටුනායක ගුවන්තොටුපොළ තැරැව් මාෆියාවේ 9ක් STF අත්අඩංගුවට

ජන 19, 2020

    කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තය අසළ තහනම් කලාපයේ නීති විරෝධීව ගුවන් මගීන්ට බාධා වන ලෙස රැඳි සිට තැරැව් කිරීමේ වරදට පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (18) සවස 3.30ට පමණ රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් මොවුන් කටුනායක පොලීසියට ඉදිරිපත් කළ බවයි, පොලිස් මූලස්ථානය පවසන්නේ.

    සැකකරුවන් අවුරුදු 41,45,39,68,42,46,34,39,31 යන වයස්වල පසුවෙන ආඩිඅම්බලම,ගාල්ල,මිනුවන්ගොඩ,මීගමුව,හතරලියද්ද,වාරියපොළ,සීදූව,වලස්මුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි. සැකකරුවන් අද (19) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කටුනායක පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on ඉරිදා, 19 ජනවාරි 2020 14:46

    Latest News