ගිනිඅවි,කඩු සමඟ සැකකරුට අඟුණුකොළපැලැස්සේ දී මාංචු

ජන 15, 2020

    ගිනි අවි, කඩු සමඟ සැකකරුවෙක් අඟුණුකොළපැලැස්සේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    අඟුණකොළපැලැස්ස,උස්වැව ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (14) සවස 4.35ට පමණ ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කෙරිණ.

    මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, බෙහෙත් කොටන ගිනි අවියක්, බඳින තුවක්කුවක්, කඩුවක් හා මිලිමීටර් 16 සජීවි පතරොමක් මේ සමග අත්අඩංගුවට ගැනිණ.
    සැකකරු වයස අවුරුදු 40 ක් පමණ වු උස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි. සැකකරු අද (15) දින අඟුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අඟුණුකොළපැලැස්ස පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

    Last modified on බදාදා, 15 ජනවාරි 2020 08:01

    Latest News