13 හැවිරිදි දැරිය අපයෝජනය කළ සැකකරුට මාංචු

ජන 20, 2020

    වැල්ලවාය, ඌව කුඩාඔය, තෙලුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 13ක පාසල් දැරියක් අපයෝජනය කළ පුද්ගලයකු කුඩාඔය පොලිසිය විසින් ඊයේ (19) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

    වින්දිත දැරියගේ නිවස තුලදීම මෙය සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් දැරියගේ මව ද තොරතුරු දැන මෙම සිදුවීමට අනුබල දී ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු ගල්පොත්තආර, ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    අවස්ථා ගණනාවකදීම දැරිය දූෂණයට ලක්වී ඇති බව මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා රෝහල්ගතකර තිබේ. සැකකාර තරුණයා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට අද (20) ඉදිරිපත් කිරීමට නියමිතයි. මවද අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිසිය පවසන්නේ.

    පොලිසියට ලද දුරකථන ඇමතුමක් අනූව මෙම සිද්ධිය අනාවරණය වී ඇති අතර ඉදිරි විමර්ශන ඌව කුඩාඔය පොලිසිය විසින් සිදු කරයි.

    Last modified on සදුදා, 20 ජනවාරි 2020 12:49

    Latest News