ඇමති ලේකම් ලෙස පෙනී සිට මුදල් ගත් සැකකරුට මාංචු

පෙබ 10, 2020

    අවස්ථා කිහිපයකදී පුද්ගලයෙකුගෙන් රුපියල් එක්ලක්ෂ අසූදහසක මුදලක් ලබා ගත් බව කියන පුද්ගලයෙකු දඹුල්ල ප්‍රදේශයේ දී ඊයේ අත්අඩංගුවට ගැනිණ.

    එම පුද්ගලයා මුදල් ලබා ගෙන ඇත්තේ, අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින්. අත්අඩංගුවට ගත් සැකකරු අද දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඔහු මාතලේ මඩවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    මෙම පුද්ගලයා පිළිබඳව අදාළ අමාත්‍යවරයාට ප්‍රාදේශීය සභා නියෝජිතයෙකු විසින් දැනුම් දී තිබේ. ඒ අනූව එම පුද්ගලයා අමාත්‍යවරයා විසින් සිය කාර්යාලයට ගෙන්වා ප්‍රශ්න කර ඇති බවයි වාර්තා වන්නේ. සැකකරු පෞද්ගලික රක්ෂණ සමාගමක නියෝජිතයෙකු ලෙස සේවය කරන අයෙක්. විවිධ දේශපාලනඥයින්ගේ නම් හා තනතුරු භාවිත කරමින් ජනතාව බිය ගන්වා ඇති බවට පරීක්ෂණවලදී හෙළිවී ඇති බවයි දඹුල්ල පොලීසිය පවසන්නේ.

    Last modified on සදුදා, 10 පෙබරවාරි 2020 08:42

    Latest News