රත්‍රං යැයි ලක්ෂ 5කට මිලකළ ලෝහ කැබලි සමග 7කට මාංචු

ජන 19, 2020

    ව්‍යාජ රන් ආලේපිත ලෝහ කැබලි ලබාදී ලක්ෂ 5ක මුදලක් වංචා කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් හත් දෙනෙක් අනුරාධපුරය පැරණි බස් නැවතුම්පොළ අසළ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    අනුරාධපුරය පොලීසිය ලද තොරතුරක් මත ඊයේ සවස 2.45ට පමණ ග්‍රෑම් 270ක් බරැති ව්‍යාජ රන් ආලේපිත ලෝහ කැබලි කිහිපයක් හා ජංගම දුරකථනයක්, මෝටර් රථයක්,යතුරු පැදියක් ද මෙසේ අත්අඩංගුවට ගැනිණ. සැකකරුව්න අවුරුදු 27,32,34,37,41 හා 55 යන වයස්වල පසුවන අනුරාධපුරය,මිහින්තලය,පානියන්කඩවල ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

    සැකකරුවන් අද (19) අනුරාධපුරය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on ඉරිදා, 19 ජනවාරි 2020 15:02

    Latest News