පැහැරගත් බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය අද උදේ මානසික වෛද්‍යවරුන්ගෙන් සමන්විත මණ්ඩලයකට ඉදිරිපත් කෙරිණ.

රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරුවට ගමන් කිරීම සඳහා දැනට අධිකරණය මගින් පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලික ලෙස ඉවත් කරන මෙන් කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය නියම කළේය.

සුදු වෑන් රියදුරන් ලෙස පෙනීසිටි බවට ප්‍රකාශ කරමින් මාධ්‍ය හමුවක් පැවැත්වීම පිළිබඳ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (16) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

2008 – 2009 කාලෙය්දී තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේජර් අජිත් ප්‍රසන්න මාධ්‍ය හමුවක් පැවැත්වීම ආණුඩුක්‍රම ව්‍යවස්ථාව, අධිකරණ සංවිධාන පනත ඇතුලු පනත් මගින් දඩුවම් ලැබිය හැකි වරදක් කර ඇතැයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (10) ප්‍රකාශ කළේය.

පසුගිය ජනාධිපතිවරණයේ උතුරේ ඡන්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නොලැබීම යනු එම පක්ෂය විසින්ම කරගත් වැරදි නිසා සිදුවූ දෙයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා පවසයි.

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 59 ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු හේරත් මුදියන්සේලාගේ තුෂාර හෙවත් කළු තුෂාර නමැත්තාට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළේය.

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී මරණිය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් සිව් දෙනකුට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගනු ලැබූ තීරණයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගයක් මාර්තු මස 20 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය.

සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ සිය බලය අයුතු ලෙස පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම අද කොළඹ මහාධිකරණය හමුවේ යළි නඩුවක් පවරනු ලැබීය.

2014 වසරේ කොළඹ පිහිටියේ රාත්‍රී සමාජශාලාවක් තුලදී බ්‍රිතාන්‍ය ජාතිකයෝ යුවළකට පහරදී තර්ජනය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ඇමති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල මැයි මස 31වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සලකා බැලීම මාර්තු මස 2 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

Latest News