ඉකුත් රජය සමයේ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා ඇති ආකාරය නීතියට පටහැනි බව කොළඹ මහාධිකරණය අද තීන්දු කළේය.

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියා ෆ්‍රැන්සිස් මහත්මිය දෙවැනි දිනටත් අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යා ආයතනය වෙත අද යොමු කෙරිණ.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇතිවූ රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ලබන 24 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපතිට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පැවරීමේ දී එම කොමිසමේ කොමසාරිස්වරු විසින් ඊට අදාළ ලිඛිත අනුමැතියක් ලබා දී තිබේද? යන්න පරීක්ෂා කිරීම සඳහා ජනවාරි මස 20 වැනිදා විමසීමක් සිදු කරන බව කොළඹ මහාධිකරණය අද ප්‍රකාශ කළේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු මස 03 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ සාක්ෂි විභාගය පෙබරවාරි මස 20 වැනිදා ආරම්භ කිරීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කරයි.

ජනාධිපති ඝාතනය කිරිමේ සැලසුමක් සම්බන්ධයෙන් සැකපිට අයෙක් ලබන මාර්තූ 04 දක්වා CID භාරයේ රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇත.

Update : පැහැරගැනීමට ලක් වූ බව සඳහන් කරමින් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළැයි කියන සිද්ධියට අදාළව ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(16) අත්අඩංගුවට ගෙන ඇත.

හම්බන්තොට කැටන්වැව මහවැලි රක්ෂිතයක් තුලට රෝහල් සායනික අපද්‍රවය ගෙනත් නීතිවිරෝධිව වලදමන ලබා අදාළ ආයතනයට එම රෝහල් අපද්‍රවය යළි ගොඩගෙන නිසි පරිදි විනාශකරන ලෙස හම්බන්තොට මහා අධිකරණයෙන් දෙන ලද නියෝගයකට අනුව යළි එම රෝහල් සායනික අපද්‍රවය ගොඩට ගැනීම ආරම්භ කර තිබේ.

2016 වසරේ තරුණයකු රිය අනතුරකට භාජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විදේශ ගමන් තහනමකට භාජනය වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ ඔහුගේ රියදුරු දිළුම් තුසිත කුමාර යන අය සම්බන්ධයෙන් සිදු කරනු ලබන පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් පෙබරවාරි මස 14 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද කොළඹ අපරාධ කොට්ඨාශයට නියම කළේය.

Latest News