තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි දැඩි ඇප කොන්දේසි මත මුදා හැරේ.

මෙම රජයට 2020 වසරේ දී ගෙවීමට ඇති ණය පොලිය හා ණය වාරිකය ලබන වසරේ ජාතික ආදායමටත් වඩා ඉහළ වුවත්, මහජනතාවට පිරිනමන  සුභ සාධන සේවා කිසිවක් කපා නොහරින බව ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව නාරාහේන්පිට ලංකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළාය.

පැහැරගෙන යාමට ලක්වූ බව පවසමින් අසත්‍ය තොරතුරක් ප්‍රකාශ කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනී ගානියා බැරිස්ටර් ෆැන්සිස් දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

update-බන්ධනාගාර භාරයේ සිටිමින් නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන රාජිත සේනාරත්නගේ වෛද්‍ය වාර්තාව  බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් තිබේ. 

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ වරෙන්තු යළි කැඳවන්නැයි ඔහුගේ නීතීඥයින් කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය අද (27) නියෝග කළාය.

ආන්දෝලනාත්මක සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය හමුවක් පවත්වමින් අසත්‍ය ප්‍රචාරයන් සිදු කළ සැකකරුවන් දෙදෙනා ලබන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද නියෝග කළේය.

ආන්දෝලනාත්මක සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය හමුවක් පවත්වමින් අසත්‍ය ප්‍රචාරයන් සිදු කළ බවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් දෙදෙනා අද 27 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා විසින් ගොනුකළ මෝසම හේතු දැක්වීමකින් තොරව ඔහුගේ නීතීඥවරුන් විසින් ඉල්ලා අස්කරගෙන තිබේ.

Latest News