අයි. එච්. කේ. මහනාම සහ පියදාස දිසානායක යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවේ තීන්දුව දෙසැම්බර් 19 ප්‍රකාශයට පත්කරන බව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය දින නියම කරයි.

මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන විත්තිකරු හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය යොමුකළ ලිපි ලේඛන සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව අධ්‍යයනය කරමින් සිටින බව නීතිපති අද කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට අද දැනුම් දුනි.

හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවක් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව ඒ මහතා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රයක් නොමැතිව මුල්‍ය ආයතනයක් පවත්වාගෙන ගිය බවට චෝදනා එල්ල වී සිටින එන් ට්‍රස්ට් සිකියුරිටිස් පීඑල්සී සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන චානුක රත්වත්තේ මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම ජනවාරි මස 15 වන දක්වා ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.

2017 වසරේ පොලොන්නරුව ප්‍රදේශයේ දී ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් සිදුකළ බවට සැකකෙරෙන බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල මාර්තු මස 16 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය රංජන් රාමනායකට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලක් අප්‍රේල් මස 3 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ස.තො.ස අයත් සේවකයින් 153 දෙනෙකු රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් රජයට රුපියල් කෝටි හතරකට ආසන්න පාඩුවක් සිදු කිරිමේ නඩුව ජනවාරි 20 වනදා කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.

හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතාට සෞඛ්‍යය හේතූන් මත විදේශගතවීම සඳහා කොළඹ මහාධිකරණය විසින් අද අවසර දුන්නේය.

පුද්ගලයෙකුට පිහියෙන් ඇන මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළේය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් නව දෙනෙකුට අධි චෝදනා භාරදීමෙන් පසුව ඔවුන් පෙර ඇප මත මුදාහැරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියම කළේය.

Latest News