මහ මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරිමට එරෙහි පෙත්සම් දෙවන දිනටත් අද සලකා බැලෙයි

මැයි 19, 2020

    ජුනි මස 20 වනදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම පිළිබඳ වැඩිදුර කරුණු විමසීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(19) සිදු කිරිමට නියමිතව තිබේ.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල පෙත්සම් සලකා බැලීම ඊයේ(18) ආරම්භ විය.

    Latest News