මැතිවරණ පෙත්සම් සළකා බැලීම තෙවැනි දිනටත් ඇරඹේ

මැයි 20, 2020

    ජුනි මස 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරමින් නිකුත්කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද තෙවැනි දිනටත් ආරම්භ කෙරිණ.

    ඒ අගවිනිසුර ජයන්ත ජයසූරිය සහ බුවනක අළුවිහාරයේ, සිසිරද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ. ප්‍රජාතන්ත්‍රවාදී එකසත් ජාතික පෙරමුණේ ලේකම් ආරියවංස දිසානායක මහතා කරුණු ඉදිරිපත් කළේය. පෙත්සම් විභාගය තවදුරටත් පැවැත්වෙන අතර මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් ද අද කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on බදාදා, 20 මැයි 2020 12:52

    Latest News