මැතිවරණ පෙත්සම් සලකා බැලීම අද අටවන දිනටත්

මැයි 28, 2020

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට එරෙහි පෙත්සම් අටවන දිනටත් අද යළි සලකා බැලේ.

    ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය,බුවකෙන අළුවිහාරේ,සිසිර ද ආබෘ,ප්‍රියන්ත ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවෙයි.

    පෙරවරු 10.00ට පෙත්සම් සලකා බැලීම ආරම්භ කෙරෙන අතර එහිදී අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් තවදුරටත් කරුණු දැක්වීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 මැයි 2020 09:16

    Latest News