මැතිවරණ පෙත්සම් 6 වැනි දිනටත් අද සළකා බැලේ

මැයි 26, 2020

    මහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම අද 6 වැනි දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදු කෙරේ.

    අද (26) පෙරවරු 10.00ට පෙත්සම්වල වැඩිදුර සලකා බැලීම ආරම්භ කිරීමට නියමිතයි. අද දිනයේ මැතිවරණ කොමිසන් සභාව වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා ඇතුළු සෙසු වගඋත්තරකරුවන් කරුණු දැක්වීමට නියමිතව තිබේ.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්රිනයන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලීම සිදු කෙරේ.

    Latest News