රිෂාඩ් බදියුදීන්ට නොතීසි

ජූලි 21, 2020

    හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට 27 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.

    පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කර ගෙන යන විමර්ශනයන්ට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහුට එම දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස මීට පෙර අවස්ථා දෙකක දී දැනුම්දීම් කර තිබිණි.

    නමුත් එම අවස්ථා දෙකේදීම ඔහු පැමිණ නොතිබිණ.

    ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

    ඔහුට එරෙහිව නොතීසි නිකුත් කර ඇත්තේ එසේ කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

    Last modified on අඟහරුවාදා, 21 ජූලි 2020 17:52

    Latest News