මිල පහත වැටීම සහ ප්‍රමාණවත් තරමින් තොග නොලැබීම හේතුවෙන්, දඹුල්ලේ එළවළු ගොවීන් සහ ව්‍යාපාරිකයින් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි, අප වාර්තාකරු පවසනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ මීගොඩ, නාරාහේන්පිට, රත්මලාන සහ බෝකුන්දර විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන සහ ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩ සහ වැලිසර මධ්‍යස්ථාන දිවා කාලයේ ද විවෘත කර තැබීමට තීන්දු කෙරේ.

රජය නියම කළ උපරිම මිලට යටත්ව කොළඹ මැනිං වෙළෙඳපොලේ අද දිනයේ ද එළවලු තොග අලෙවි කෙරිණ. නමුත් සෙසු දිනයන්ට සාපේක්ෂව අද දිනයේ දී අඩු වශයෙන් එළවළු තොග ලැබුණු බවයි, මැනිං වෙළෙඳපොළ සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ මහතා කියා සිටියේ.

පරිභෝගික අධිකාරිය එළවළු තොග අලෙවි කිරීම සම්බන්ධයෙන් ඊයේ උපරිම මිලක් පැනවීමට ක්‍රියා කළේය.

ඇඳිරිනීතිය අවසන් වීමෙන් පසු ආර්ථික මධ්‍යස්ථානවල වෙළෙඳාම් කටයුතු ඉහළ ගොස් ඇති බව අප වාර්තාකරු පවසයි. සාමාන්‍ය දිනක දී එළවළු කිලෝ පන් ලක්ෂයක් පමණ හුවමාරු වන තබුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ අද දින එය ලක්ෂ හත ඉක්මවා ඇති බවයි, එහි පාලනාධිකාරිය පවසන්නේ.

දඹුල්ල ආර්ථික මධ්ය ස්ථානයට මේ දිනවල ලැබෙන එළවළු ප්‍රමාණ අඩුවීම හේතුවෙන් සියලුම එළවළු වර්ග වල මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.

දිලීර රෝගයක් හේතුවෙන් වැලිඔය ප්‍රදේශයේ එළවළු වගාවට දැඩි ලෙස හානි සිදුවී ඇති බව අප වාර්තාකරු පවසයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට මේ දිනවල ඝන මීදුම් තත්වයක් පවතීන බව අප වාර්තාකරු පවසයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වීශාල ලෙස එළවළු තොග ලැබිමත් සමග ඒවා මිල දී ගැනීමට පැමිණෙන වෙළදුන්ගේ අඩුවීම නිසා එළවළු මිල ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතී. මේ නිසා ගොවීන් දැඩි අපහසුතාවට පත්ව තිබේ.

Latest News