අපිටත් නැති ගොවියටත් නැති අපතේ යන එළවළු

සැප් 06, 2023

    මිල පහත වැටීම සහ ප්‍රමාණවත් තරමින් තොග නොලැබීම හේතුවෙන්, දඹුල්ලේ එළවළු ගොවීන් සහ ව්‍යාපාරිකයින් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි, අප වාර්තාකරු පවසනවා.

    මේ නිසා එළවළු අලෙවිය ද ශීඝ්‍ර ලෙස පහත බැස තිබෙනවා.

    බොහෝ එළවළු මිල ශීඝ්‍ර ලෙස පහත බැස තිබෙනවා. කැකිරි, පිපිඤ්ඤා, වට්ටක්කා ආදී එළවළු තොග මිල රුපියල් 10 ත් 40 ත් අතර වන අතර, රාබු, නෝකෝල් මිල රුපියල් 30 ත් 40 ත් දක්වා අඩු වී ඇතැයි, අප වාර්තාකරු පවසනවා. බෝංචි කිලෝවක තොග මිල රුපියල් 250 ත් 280 ත් වන අතර, ලීක්ස් කිලෝවක් අලෙවි කෙරෙන්නේ, රුපියල් 60 ත්, 70 ත් අතර මිලකටයි. කෙසේ වුවද, අඩු මිලට හෝ එළවළු නොලැබීම ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවයි. මේ වන විට වෙළෙඳුන්ගේ පැමිණීම ද සියයට 60 කින් පමණ පහත බැස තිබෙනවා. නිෂ්පාදන පිරිවැය ඉහළ යාමත්, ප්‍රවාහන ගාස්තු ඉහළ මට්ටමක පැවතීමත් හේතුවෙන් සාධාරණ මිලක් නොලැබීම නිසා තමන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි, ගොවීන් පවසනවා.

    Latest News