අතරමැදියන්ගේ අතරට වැඩි වාසි ලැබෙන 'ගර්කින් '

දෙසැ 12, 2019

    හම්බන්තොට, මීගස්ආර සහ බෙලියත්ත ප්‍රදේශ තුළ කුඩාබිබුල,රළුව,කෙන්ගල්ල ගම්මානවල ගොවීන් ආරක්ෂිත ගෘහතුල ගර්කින් වගාව සාර්ථකව සිදුකරනු ලබයි. එහෙත් ගර්කින් අස්වැන්න සඳහා සාධාරණ මිලක් නොලැබෙන බවයි ගොවීන් පවසන්නේ.

    ඉහළ මිලක් ලබා ගැනීම සඳහා දැනට මෙම අස්වැන්න කොළඹ මැනින් වෙළඳපොළ වෙත යොමු කළද මින් වැඩි වාසිය ලැබෙන්නේ අතරමැදි වෙළෙඳුන්ට බවයි,ගොවීන් පවසයි. අදාළ බලධාරීන් මැදිහත් වී අස්වැන්න අලෙවි කිරීම සඳහා සෘජු ගැණුම්කරුවන් සොයා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියි. අලුතෙන් මෙම වගාවට ආරම්භ කිරීමට කැමැති ගොවීන් වගාව සඳහා යොමු කර ගැනීමට එමගින් අවස්ථාව සැලසෙයි. එමගින් ඔවුන්ට සැලකිය යුතු ආදායමක් ලබා ගැනීමට හැකියාව පවතින බවත් ඒ තුළින් විදේශ විනිමය රට තුල ඉතිරි කර ගැනීමටත් අවස්ථාව සැලසෙන බවයි ගොවින් පවසන්නේ.

    මේ පිළිබඳව අදහස් දැක්වූ දකුණු පළා නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක නාලිකා රූපසිංහ මහත්මිය..

    "දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර බෝග වගාව මෙන්ම නිෂ්පාදන අලෙවිය දක්වාම කටයුතු කරනවා..මෙම ගොවීන්මේ සඳහා ආරක්ෂිත ගෘහ ඉදිකර ගැනීමට විශාල මුදලක් යන බැවින් ඒ සඳහා රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ ආධාර මුදලක් දැනටමත් ලබා දී තිබේනවා. ඒ සම්බන්ධයෙන් ගොවීන් බිය වීමට අවශ්‍ය නෑ.... දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ruhunu රසාර අලෙවිසැල් ජාලයක් තිබෙනවා.. ඒ තුළින් මෙම අස්වැන්න අලෙවි කර ගැනීමට අවස්ථාව තිබෙනවා... මීට අමතරව පුද්ගලික අංශයේ සුපිරි වෙළෙඳ සැල් සඳහා මෙම අස්වැන්න යොමු කිරීමට දැනටමත් සාකච්ඡා කර කටයුතු සූදානම් කර තිබෙනවා.."

    ලබන වසරේ දී මෙම වගාව සඳහා කැමැති ගොවීන් එකතු කර ගැනීමටත්, ඔවුන් සදහා ද ආරක්ෂිත ගෘහ ඉදි කර ගැනීම සඳහා 50% ක ආධාර මුදල් ලබා දීමටත් කටයුතු සූදානම් බවයි එතුමිය පැවසුවේ.

    Gurkin 900px 19 12 12

    Gurkin1 900px 19 12 12

    Gurkin2 900px 19 12 12

    Gurkin3 900px 19 12 12

    Gurkin4 900px 19 12 12

    Gurkin4 900px 19 12 12

    Gurkin4 900px 19 12 12

    Last modified on බ්‍රහස්පතින්දා, 12 දෙසැම්බර් 2019 10:01

    Latest News