ශ්‍රී ලන්කන්-ගල්ෆ් එයාර් ගුවන් ගමන්වාර ගිවිසුමකට අත්සන් තැබේ

දෙසැ 19, 2019

    ශ්‍රී ලන්කන් ගුවන් සේවය හා ගල්ෆ් එයාර් ගුවන් සේවය අතර ගුවන් ගමන් වාර ආරම්භ කිරීම සඳහා වූ ගිවිසුමකට අත්සන් කර තිබේ.

    මෙම සංකේත හුවමාරු හවුල්කාර ගිවිසුමෙන් ගුවන් සේවා දෙකෙහිම මගීන්ට පහසු විකල්ප අවස්ථා ලැබේ. ගිවිසුම යටතේ ශ්‍රී ලන්කන් ග්‍රවන් සේවයේ “යූ.එල්“ කේතය යටතේ, ගල්ෆ් එයාර් ගුවන් යානා බහරේන් සිට කොළඹටත්, ග්‍රීසියේ ඇතැන්ස් නුවරටත්, සයිප්‍රස්හි ලනාකා නුවරටත් පියාසර කරනු ඇත. ගල්ෆ් එයාර් සමාගම සිය ජී.එෆ් කේතය යටතේ කොළඹ සිට බහරෙන් දක්වා පියාසර කරන ගුවන් ගමන් හා එක්වීමට නියමිතයි. ගිවිසුමෙන් ශ්‍රී ලංකාව සහ බහරේනය අතර පවතින මිත්‍රත්වය තවදුරටත් තහවුරු වූ බව, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි විපුල ගුණතිලක මහතා පැවසීය. ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතව ගුවන් සේවයයි.

    Last modified on සිකුරාදා, 20 දෙසැම්බර් 2019 11:13

    Latest News