“සෙරන්ඩිපිටි නෙක්ස් ඩොර්” වීඩියෝව නැරඹූ ප්‍රමාණය මිලියන 5 ඉක්මවයි (වීඩියෝ)

පෙබ 21, 2020
  • “සෙරන්ඩිපිටි නෙක්ස් ඩොර්” සන්නාම වීඩියෝව එළි දක්වා පැය 19ක් ඇතුළත එය ගෝලීය සමාජ ජාලා ඔස්සේ නැරඹූ ප්‍රමාණය මිලියන 5 ඉක්මවා තිබේ.

    ශ්‍රීලංකන් ගුවන් සේවය සිය විශාලතම විදේශ වෙළඳපල වන ඉන්දියාව ඉලක්ක කර ගනිමින් මෙම වීඩියෝව නිර්මාණය කර ඇත.

    ශ්‍රී ලංකා ඉතිහාසයේ ශ්‍රීලංකන් වෙළඳනාම වීඩියෝවක් මිලියන 5ක් නැරඹූ ප්‍රථම අවස්ථාව මෙය වේ. එමෙන්ම මෙරට වීඩියෝවක් පැය 12ක කාලයක් තුළ දර්ශන වාර මිලියන දක්වා වූ පරිමාවන්ට ලඟා වූ ප්‍රථම අවස්ථාව ද මෙයයි.

    බොලිවුඩ් නිලි ජැකොලින් ෆර්නැන්ඩස් සහ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාරගේ නිරූපනයන් ඔස්සේ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය එහි විදහා දැක්වේ. ශ්‍රී ලංකාව නැමැති සුන්දර දූපතේ සතුටට පත්වන ආකාරය ජැකලින් ෆර්නැන්ඩස් විසින් ප්‍රේක්ෂකයන්ට තොරතුරු හෙළි කරන අතර සංගකක්කාර මෙරට සංස්කෘතිය, ආහාර-පාන, සුන්දරත්වය, ආගන්තුක සත්කාර පිළිබඳ තොරතුරු හෙළිකරයි.

    ශ්‍රීලංකන් ගුවන් සමාගම ඉන්දියාවේ කලාප 11ක් වෙත සතියකට ගුවන් මෙහෙයුම් 120ක් සිදු කරයි. ඊට චෙන්නායි, තිරුචිරප්පල්ලි, ට්‍රිවන්ඩ්‍රම්, කොචින්, මදුරෙයි, කොල්කටා, නවදිල්ලිය, මුම්බායි, හයිද්‍රාබාද්, බැංගලෝර් සහ කොයිම්බතූර් ඇතුළත්වේ.

    Latest News