ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර කිහිපයක් අවස්ථා කිහිපයක දී ප්‍රමාදවීම් පිළිබඳ කරුණු විමසීම සඳහා අද (02) දිනයේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.

ජපානයේ "නරීටා" ජාත්‍යන්තර ගුවන්තොටපොළ බලා කටුනායක ගුවන්තොටුපොළෙන් ඊයේ රාත්‍රි 8.20ට පිටත්වූ "යූ එල් 455" දරන ගුවන් යානය, කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් යළිත් කටුනායකට පැමිණියා.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කාර්මික දෝෂයකට ලක් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය අද දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිත බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පවසනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය, ප්‍රතිව්‍යුහගත කිරීම, මේ වසර තුළදීම අවසන් කළ යුතු බව, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

ශ්‍රී ලන්කන් එයාර් ලයින් ගුවන් සමාගමට ගුවන් යානා ලබා ගැනීම මාස 03කින් කල් දමා ඇති බවට එම සමාගම දැනුම් දුන් බව පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු චරිත හේරත් අද පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා.

2022 මාර්තු 31 වැනිදායින් අවසන් වූ කාර්තුව තුළ දී ශ්‍රීලන්කන් ගුවන් සේවය ඩොලර් මිලියන 1.7ක ලාභයක් වාර්තා කර ඇති බව එම සමාගම නිවේදනය කරයි. 

පසුගිය 2021 වසරේ උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ගුවන් භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරන ලද්දේ හුදෙක් වානිජමය මුහුණුවරකින් පමණක් බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරයි.

ශ්‍රීලංකන් ගුවන් සමාගම 2022 වසරේ එළඹෙන කාර්යබහුල ගිම්හාන සෘතුව වෙනුවෙන් නියමිත ගුවන් ගමන් සංඛ්‍යාව සියයට 40 කින් වැඩි කිරීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම සාවද්‍ය කරුණු සහ සංඛ්‍යා ඇතුළත් කරමින් මාධ්‍යවල සහ සමාජ මාධ්‍යවල මේ වන විට සංසරණය වන වාර්තා ප්‍රතික්ෂේප කිරන බව ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

ශ්‍රීලංකන් ගුවන් සේවය 2021 දෙසැම්බර් මාසය සඳහා ඩොලර් මිලියන 9.25 ක සමාගම් ලාභයක් සහ ඩොලර් මිලියන 10.66 ක සමූහ ලාභයක් වාර්තා කර තිබේ.

Latest News