ගුවන් ගමන් වාර පිළිබඳ අද විශේෂ සාකච්ඡාවක්

ඔක් 02, 2023

    ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර කිහිපයක් අවස්ථා කිහිපයක දී ප්‍රමාදවීම් පිළිබඳ කරුණු විමසීම සඳහා අද (02) දිනයේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.

    එය පැවැත්වෙන්නේ විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි.

    රටේ ජාතික ගුවන් සේවා සන්නාමයට කැළලක් එක් කරන මෙම ගුවන් ගමන් ප්‍රමාදයන් පිළිබඳ මෙහිදි බලධාරීන්ගෙන් කරුණු විමසීමට නියමිතව තිබේ.

    ශ්‍රීලන්කන් ගුවන් ගමන් කිහිපයක් පසුගිය දිනයන්හිදී අවලංගු වූ අතර ඇතැම් ගුවන් ගමන් වාරවල ප්‍රමාදයන් දිගින් දිගටම සිදුවීම මෙයට ප්‍රධානම හේතුවයි.

    මෙම සාකච්ඡාව සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පාලනාධිකාරියේ නිලධාරීන් සහ සියලුම වෘත්තිය සමිති නියෝජිතයින් ද එක්වීමට නියමිත බව වාර්තා වනවා.

    Latest News