2019 වසරේ බ්‍රිතාන්‍යයේ ආර්ථික වර්ධන අනුපාතය 1.4 % ක්

පෙබ 12, 2020

    පසුගිය වසරේ බ්‍රිතාන්‍යයේ ආර්ථික වර්ධන අනුපාතය සියයට 1.4ක් වූ බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය පවසයි.

    ගෙවී ගිය වසරේ බ්‍රිතාන්‍යයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම සියයට 1.4කින් වර්ධනය වී ඇති අතර එය 2018 වසරේ පැවතුණු සියයට 1.3ක වර්ධනයට සාපේක්ෂව සුළු වර්ධනයක් බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය ඊයේ (11) එළි දැක්වූ දත්තයන්හී දැක්වෙයි.

    එම කාර්යාලය පවසන්නේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ දිනය කිහිපවරක් කල්දැමීම හේතුවෙන් පසුගිය වස‍රේ බ්‍රිතාන්‍යයේ ආර්ථිකය පැහැදිලි අස්ථාවරත්වයක් දක්නට ලැබූ අතර වසර කිහිපයක් තුළ පවතින මන්දගාමී වර්ධන තත්ත්වයේ එය රැඳී පවතින බවයි.

    පසුගියදා බ්‍රිතාන්‍ය‍ය යුරෝපා සංගමයෙන් නිල වශයෙන් ඉවත් වූ අතර එය එරට අනාගත ආර්ථික වර්ධනයට බලපෑම් සිදුකරනු ඇති බව ඇතැම් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

    Latest News