ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල අඛණ්ඩව ඉහළට

මාර් 02, 2020

    ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ගණන්වල අඛණ්ඩ ඉහළ‍යාමක් වාර්තා වේ.

    ඒ අනුව ලෝක වෙළෙඳපෙළේ රත්‍රං අවුන්සයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 1586.45 ක් ලෙසයි.

    වෙනත් මුදල් ඒකක වලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය දුර්වලවීම ඊට ප්‍රධාන හේතුවයි.

    කොරෝනා වෛරසය පැතිරයාමත් සමග ආයෝජකයන් රත්‍රං මිලදී ගැනීමට පෙළඹීම ඊට බලපා ඇති තවත් කරුණකි.

    ඒ අනුව දේශීය වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 71,950 ක් ලෙසයි.

    කැරට් 24 ක රන් පවුමක මිල රුපියල් 78,500 ක් වේ.

    Latest News