කැඩුනු යානය අද දිවයිනට

අප්‍රේ 17, 2023

    ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කාර්මික දෝෂයකට ලක් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය අද දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිත බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පවසනවා.

    පසුගිය 15 වැනිදා රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න් ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්.605 දරණ යානයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් යළි ශ්‍රී ලංකාව බලා පිටත්වීම පැය 30කට ආසන්න කාලයක්‍ ප්‍රමාද වී තිබිණ.

    මෙම ගුවන් යානය අලුත්වැඩියා කර යථාතත්වයට පත් කිරිමෙන් පසු ඊයේ (16) රාත්‍රී යළි ‍ශ්‍රී ලංකාව බලා පිටත්ව ඇති බව ද වාර්තා වෙයි.

    ඒ අනූව මගීන් 300ක් රැගත් එම ගුවන් යානය අද උදෑසන 9.30ට පමණ කටුණායක ගුවන් තොටුපොළ වෙත ළගාවීමට නියමිතයි.

    Latest News