ෆේස්බුක්,ගූගල් හා ඇපල් වැනි සමාගම්වලට එරෙහිව ජපානයෙන් නීති පැනවීමට සූදානම් වෙයි. ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදුවන වෙළෙඳ කටයුතු සඳහා මෙලෙස නීති පැනවීමට තීරණය කර තිබේ.

ඉරාක අගනුවර,බැග්ඩෑඩ්හි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන දෙවන දිනය අදයි. ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් සිය ගණනක් තුවාල ලබා තිබෙන බව වාර්තා වෙයි.

ඇන්ටාක්ටිකාවට අයත්ව තිබූ අමෙරි නම් අයසි තට්ටුවෙන් දැවැන්ත ප්‍රමාණයෙන් අයිස් කුට්ටියක් පසුගියදා කැඩී ගොස් තිබේ.

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වැනි සංවත්සරය ඉයැන්ග්මෙන් චතුරඝ්‍රයේ දී මීට සුළු වේලාවකට පෙර ආරම්භ විය. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති මධ්‍යම හමුදා කමිටුවේ සභාපති ෂී ජින් පිං මහතා එහදී වැදගත් දේශනයක් සිදු කළේය.

යේමනයේ හව්ති කැරලිකරුවන් ඔවුන් බාරයේ සිටි සිරකරුවන් 290 දෙනෙක් නිදහස් කර තිබේ. ඊට සෞදි ජාතිකයින් දෙදෙනෙක් ද අයත්.

ඔස්ට්‍රියා මහ මැතිවරණයේ ජය මෙවරත් කන්සර්වේටිව් මහජන පක්ෂ නායක, සෙබස්තියන් කර්ස් හිමි කර ගෙන තිබේ.

ඉන්දියාවටා බලපා ඇති අධික ගංවතුර තත්වය තවදුරටත් ඉහළ යමින් පවතියි.

පොදු රාජ්‍ය මණ්ඩලයට යළි මාලදිවයින් රාජ්‍යය ඇතුළත් කර ගැනීමේ යෝජනාවට ශ්‍රී ලංකා විදේශ කටයුතු ලේකම්වරයාගේ කැමැත්ත පළ වී තිබේ.

තමන් සෞදි අරාබියේ විශාල හමුදා භට පිරිසක් සිය ග්‍රහණයට ගත් බව, යේමනයේ හවුති කැරලිකරුවන් පවසයි.

උතුරු නයිජීරියාවේ ගොඩනැගිල්ලක සිරකරගෙන සිටි 300 දෙනෙකුට වැඩි පිරිසක් ගලවා ගැනීමට එරට පොලීසිය සමත් වී තිබේ.

ඉරාන න්‍යෂ්ටික ගැටළුව පිළිබඳ අංගසම්පූර්ණ ගිවිසුමට අදාළ රටවල විදේශ අමාත්‍යවරු නිව්හියෝර්ක් හී පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසු ඒකාබද්ධ නිවේදනයක් එළි දැක්වූහ.

ලොව කැළඹු මාධ්‍යවේදී ජමාල් කෂෝගී ගේ ඝාතනය සම්බන්ධයෙන් වන වගකීම තමන් භාර ගන්නා බව සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ප්‍රකාශ කර සිටී.

ප්‍රංශයේ කම්හලක ඇති වූ ප්‍රබල ගින්නකින් විශාල දේපළ හානියක් සිදුව තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නිල දෝශාභියෝගයක් ඉදිරිපත් කිරීම සඳහා එරට ඩිමොක්‍රටික් පක්ෂය විමර්ශන ආරම්භ කර තිබේ.

ලොව විශාලතම පර්යන්තය හිමි නව ගුවන් තොටුපළ චීනයේ බීජිං නුවරදී ඊයේ විවෘත කෙරිණ.

ඊජිප්තුවේ විරෝධතා හේතුවෙන් 500ක පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

දේශගුණික විපර්යාස වැළැක්වීම සඳහා ක්‍රියා මාර්ග ගැනීමට අපොහොසත්වීම පිළිබඳව ලෝක නායකයින්ට චෝදනා එල්ල කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේද්‍ර මෝදිට අමෙරිකාවේ දී උණුසුම් පිළිගැනීමක් ලැබී තිබේ.

දියයට කිමිදෙමින් සිය පෙම්වතියට විවාහ යෝජනාවක් සිදු කිරීමට උත්සහ කළ අමෙරිකානු ජාතිකයෙකු දියේ ගිලී මියගොස් ඇති පුවතක් වාර්තා වෙයි.

විදේශීය හමුදා ගල්ෆ් කලාපයෙන් ඉවත් විය යුතු බව, ඉරානය කියා සිටී.

Latest News