ඉස්ලාම් රාජ්‍යයේ සහ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ නව නායකයා ලෙස අබු ඊබ්‍රාහීම් අල් - හෂේමි අල් - කුරෙයිෂි නම් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

තම නායකයා මරුමුවට පත්වූ බවත් නව නායකයකු පත් කළ බවත් අයි.එස් හෙවත් ඉස්ලාමික් ස්ටේට් සංවිධානය තහවුරු කරයි.

උතුරු කොරියාව ගුවන්ගත කළ හඳුනානොගත් ප්‍රක්ෂේපන දෙක බැලස්ටික් මිසයිල බවට තොරතුරු වාර්තා වී ඇතැයි, ජපාන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

පකිස්ථානයේ කරච්චි සිට ලාහෝර් දක්වා ධාවනය වෙමින් පැවති දුම්රියක ඇති වූ ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 73ක් මිය ගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

ට්විටර් සමාජ මාධ්‍යජාලය තුළ සියලුම දේශපාලන දැන්වීම් පළ කිරීම තහනම් කිරීමට එම සමාගම සූදානම් වේ.

ඉන්දියාවේ ළිඳක් තුළට වැටී සිරවී සිටි දරුවා මියගොස් ඇති බව ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කරයි. ඔහුගේ සිරුර ගොඩට ගෙන පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමුකර ඇතැයි, ඉන්දිය බලධාරීන් ප්‍රකාශ කරයි. 

තමිල්නාඩුවේ, ගැඹුරු ලිඳක සිරවූ දරුවා බේරාගැනීමේ මෙහෙයුම් තෙවැනි දිනටත් දීර්ඝ වී තිබේ.

ආජන්ටිනාවේ ජනාධිපතිවරණයේ ජය ඇල්බර්ටෝ ෆර්නෑන්ඩස් හිමි කරගෙන තිබේ. ඔහු 47%යි දශම 7.9ක ඡන්ද ප්‍රමණය්ක දිනාගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

අයි.එස්.අයි.එස්. සංවිධානයේ නායක අබුබකර් අල් බග්ඩාඩ් ඝාතනය කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කරයි.

අයි.එස්.අයි.එස්. සංවිධානයේ නායක අබුබකර් අල් බග්ඩාඩ් මියගොස් ඇතැයි විශ්වාස කරන බව, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

උතුරු කැලිෆෝනියාවේ ප්‍රබල ලැව්ගින්නට හේතුවී ඇත්තේ, අසළ පිහිටි විදුලි රැහැනකට හානි වීමෙන් බව, වාර්තා වෙයි. ගින්නෙන් පවුල් 50,000ක් පමණ සිය නිවෙස්වලින් ඉවත් කර තිබෙන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ද්විපාර්ශවික වෙළෙඳාම ඉහළ නැංවීමේ අපේක්ෂාවෙන්, බ්‍රසීල ජනාධිපති, චීන රාජ්‍ය නායකයා ඊයේ හමුවිය.

දස වසරක සූදානමකින් පසුව ශ්‍රේෂ්ඨ කලාකරු ලියනාඩෝ ඩිවින්ඩිගේ නිර්මාණ ප්‍රදර්ශනයක් ඊයේ ප්‍රංශයේ ආරම්භ විය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කළේ ධවල මන්දිරයේදීයි.

කන්ටේනර් රථයක පුද්ගලයින් 39 කු මිය ගොස් සිටියදී සොයා ගැනේ.

බ්‍රිතාන්‍යයේ එසේක්ස් ප්‍රාන්තයේ දී කන්ටේනර් රථයක තිබී ඊයේ (23) සොයාගත් මළ සිරුරු 39 චීන ජාතිකයින් බව මේ වන විට අනාවරණය වී ඇති බව එසෙක්ස් පොලීසිය තහවුරු කර ඇත.

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දූෂණය තවදුරටත් ඉහළ ගොස් ඇත.

චිලී රාජ්‍යයේ විරෝධතා හේතුවෙන් 15 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි. ජනාධිපති සෙබස්තියන් පිනෙරා පවසන්නේ, ගැටලු පිළිබඳ එකඟතාවකට පැමිණීම සඳහා විරුද්ධ පක්ෂ නායකයින් මුණගැසීමට තමන් සූදානම් බවයි.

තායිලන්තයේ වජිරලොන්කෝන් හි රජු විසින් පසුගිය ජුලි මස පත් කළ රාජකීය බිරිඳගේ නිලතල සහ පදවි නාම ඉවත් කර තිබේ. වැරදි හැසිරීම සහ ද්‍රෝහිකම මීට හේතු වී ඇතැයි රජමාලිගය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කැනඩාවේ 43 වැනි මහ මැතිවරණය අද පැවැත්වෙනවා.

Latest News