තහනම් කොට පැටවූ ලොරි මාට්ටු

අප්‍රේ 30, 2024
    අනුරාධපුර, හොරොව්පාතන - පරංගියාවඩිය ප්රදේශයේ සිට ගාල්ල දක්වා බලපත්ර නොමැතිව ප්රවාහනය කරමින් තිබූ කළුවර කොටන් තොගයක් ඊයේ හොරොව්පාතන පොලිස් බාරයට ගැනුණා.

    සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි, පොලිසිය පවසන්නේ.

    දීර්ඝ කාලයක සිට සංවිධානාත්මක ලෙස මෙය සිදු කරන බවටයි, පොලිසියට තොරතුරු ලැබී තිබුණේ.
     
    එම වටිනා දැව දිවයිනේ විවිධ ප්රදේශවලට බලපත්ර නොමැතිව ප්රවාහනය කර තිබෙනවා. ලද තොරතුරකට අනුවයි, පොලිසිය විසින් වැටලිම සිදු කළේ.
     
    ගොම පොහොර ප්රවාහනය කරන මුවාවෙන් ඉතා සූක්ෂලම ලෙස මෙම කළුවර දැව තොගය ලොරි රථයේ සඟවා තිබූ බව පොලිසිය පවසනවා.
     
    පරංගියාවඩිය ප්දේශයේ රක්ෂිපතවලින් දැව කපා, ගාල්ල ප්රදේශයට ගොස් අලෙවි කරන බවටයි, සැකකරුවන්ගෙන් සිදු කෙරුණු ප්රශ්න කිරීම්වල දී අනාවරණය වුණේ.

    Latest News