36කට මරු කැඳ වූ අධිවේගය

මැයි 02, 2024
    චීනයේ ගුවැන්ඩොන්ග් ප්රාන්තයේ අධිවේගී මාර්ගයක කොටසක් කඩා වැටීමෙන් පුද්ගලයින් 36 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

    තවත් 30 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි, වාර්තා වන්නේ.

    අධික වර්ෂාවත් සමග මෙයිලෝන්ග් අධිවේගී මාර්ගයේ මීටර 17 ක කොටසක් මෙලෙස කඩා වැටී තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙනවා.
     
    බලධාරීන් ප්රකාශ කරන්නේ, මාර්ගයේ කොටසක් ප්රපාතයකට කඩා වැටීමත් සමග එහි ගමන් ගත් රථ වාහන රැසක් ගිනි ගෙන විනාශ වී ඇති බවයි.
     
    වඩාත් ජනාකීර්ණ ප්රදේශයක් ලෙස හැඳින්වෙන ගුවැන්ඩොන්ග් ප්රදේශයට දින කිහිපයක සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග බලපා ඇති ගංවතුර හේතුවෙන්, එක් ලක්ෂ දසදහසකට අධික පිරිසක් අවතැන්ව ඇති බව, සඳහන්.
    Last modified on බ්‍රහස්පතින්දා, 02 මැයි 2024 11:27

    Latest News