දේශගුණික සමුළුවේදී ලෝක නායකයින්ට ග්‍රේටාගෙන් චෝදනා

සැප් 24, 2019

    දේශගුණික විපර්යාස වැළැක්වීම සඳහා ක්‍රියා මාර්ග ගැනීමට අපොහොසත්වීම පිළිබඳව ලෝක නායකයින්ට චෝදනා එල්ල කර තිබේ.

    ඒ ළමා පරිසර ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තන්බර්ග් විසින්. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ එක්දින සමුළුවක් පැවැත්විණ. එම සමුළුවට ලෝක නායකයින් 60ක් පමණ සහභාගී විය.

    ඊට සමගාමීව මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය මේ බව කියා සිටියාය. එහිදී ඇය කියා සිටියේ, ලෝක නායකයින් වහාම දේශගුණික විපර්යාස පිටුදැකීම සඳහා ක්‍රියාත්මක විට යුතු බවයි. දේශගුණික විපර්යාස වැළැක්වීම සඳහා කටයුතු කරන බව, මෙම සමුලුව අමතමින් ලෝක නායකයින් සඳහන් කළේය.

    ජර්මනිය කියා සිටියේ, ගෝලීය උණුසුම ඉහළයාම සඳහා වෙන් කරන මුදල් දෙගුණයක් කරන බවයි, එසේම, ප්‍රංශ සහ නවසීලන්ත නායකයින් ද මෙහිදී ගෝලීය උණුසුම ඉහළයාම වැළැක්වීමට එම රටවල් ගන්නා ක්‍රියා මාර්ග ප්‍රකාශයට පත් කළේය. මෙම සමුළුවට දේශගුණික විපර්යාසම පිළිබඳ වෙනස් මතයක් දරණ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී නොවේයැයි මත පළ කෙරුණේ සුළු වේලාවක් ඊට ඔහු සහභාගී වී තිබිණ.

    Last modified on අඟහරුවාදා, 24 සැප්තැම්බර් 2019 11:29

    Latest News