ඉන්දියාවේ නව දිල්ලි නුවර පිහිටි ගමන් මලු නිපදවනු ලබන කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නකින් එහි සේවය කරමින් සිටි පුද්ගලයින් 43 දෙනෙක් මියගොස් තිබේ.

ඔස්ට්‍රේලියාවේ, නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා පැතිර යන ලැව්ගිනි හේතුවෙන් සිඩ්නි නගරය ආසන්නයට දැඩි බලපෑම් එල්ලවී තිබේ. ලැවිගිනි සියයට අධික සංඛ්‍යාවක් ප්‍රදේශය පුරා පැතිර යමින් පවතින බව වාර්තා වේ.

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මුහුණු දෙකක් සහිත ව්‍යාජ පුද්ගලයකු බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි.

ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කිරීමේ චෝදනා මත ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තරුණයෙකු එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

දේශගුණික විපර්යාස පිටු දැකීම සඳහා කැපවීමෙන් ක්‍රියා කරන ලෙස ඉල්ලා ලොව පුරා රටවල් 153ක, නගර 2300ක ජනතාව පසුගිය කාලය පුරාවට උද්ඝෝණ දියත් කර තිබේ.

මෙවර නත්තල් උත්සවය නිමිති කොටගෙන ජේසුස් ක්‍රිස්තූන් වහන්සේ උපන් ගවලෙනෙහි වූ ගව ඔරුවේ කොටසක් නැවත බෙත්ලෙහෙම වෙත රැගෙන ඒමට නියමිතයි.

ඖෂධ පරිපාලන නීතියේ නව සංස්කරණය සහ එන්නත් පරිපාලන නීතිය ලබන මාසයේ 1 වන දින සිට ක්‍රියාත්මක කිරීමට චීනය සූදානමින් සිටී.

යුරෝපා පාර්ලිමේන්තුව ප්‍රංශයේ Strasbourg හිදී ඡන්ද විමසීමකින් යුරෝපා සංගමයේ නව කොමිසම ‍අනුමත කර තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇෆ්ගනිස්තානයේ සංචාරයකට සහභාගී වී ඇත.

බිඳ වැටීමට ලක්වු ෆේස්බුක් සහ ඉන්ස්ට්‍රග්‍රෑම් සමාජ ජාල වෙබ් අඩවි යථා තත්ත්වයට පත් කර ඇති බව ෆේස්බුක් ආයතනය පවසයි.

කොංගෝවේ ඉබෝලා ප්‍රතිකාර මධ්‍යස්ථාන 2 කට එල්ල වූ ප්‍රහාරයකින් සිව් දෙනෙකු මියගොස් ඇත.

මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යාමීන්ට වසර 5 ක සිරදඬුවම් නියම කර තිබේ.

බංග්ලාදේශ ඉතිහාසයේ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුතු බව පැවසෙන පුද්ගලයින් 7 දෙනෙකුට මරණ දඬුවම ලබා දී තිබේ. ප්‍රහාරයෙන් මරණයට පත් බහුතරය විදේශිකයන්.

පෘථිවියේ ඉහළ ගුණාත්මක ඡායාරූප ලබාගත හැකි චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබේ. එය නම්කර තිබෙන්නේ කාර්ටොස්ට් ත්‍රී ලෙසයි.

ඉරාක උද්ඝෝෂකයේ පිරිසක් දකුණුදිග නජාෆ් නගරයේ ඉරාන කොන්සල් කාර්යාලයකට ගිනිතබා තිබේ.

ඇල්බේනියාවේ ඊයේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය පිරිස 20 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

වායු දූෂණය හේතුවෙන් ඉන්දියාව ලෝකයේම උපහාසයට ලක්ව ඇතැයි එරට අධිකරණය පවසයි.

කොංගෝ ජනරජයේ මගී ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුර සිදුව ඇත්තේ, කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ප්‍රදේශයේ ගෝමා නගරයේයි.

ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂපාතී කණ්ඩායම් හොංකොං දිස්ත්‍රික් සභා මැතිවරණ ප්‍රතිඵලවල ඉදිරියෙන් සිටින බව, පූර්ව මැතිවරණ ප්‍රතිඵල පෙන්වා දෙයි.

කොළොම්බියාවේ කලහකාරී තත්වය පාලනය කිරීමට හමුදාව යෙදවීමට එරට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.

Latest News